ඇමෙරිකා එක්සත් ජනපදය යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි සතුරෙකු බවත්, ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වුවද ඉරානය ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම්ව සිටින බවත් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf) පවසයි.
ඔහු අවධාරණය කරන්නේ වර්තමානයේ ඇමෙරිකාව සමඟ සාකච්ඡා මාර්ගයේ පසුවුවද, අවස්ථාවක් ලැබුණු සැනින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන සතුරෙකු ලෙස ඔවුන්ව සලකන බවයි. “යම් කෙනෙකුට සාකච්ඡා මේසය තුළ සාර්ථක විය හැක්කේ, ඔවුන් එකලෙසම යුද්ධයකටත් සූදානම්ව සිටින්නේ නම් පමණයි” යනුවෙන් කතානායකවරයා පෙන්වා දී තිබේ.
එසේම, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලින් ඔබ්බට ගොස් යුද්ධය සහ ගිනි අවි මඟින් තම ස්ථාවරය පෙන්වීමට සිදුවුවහොත්, ඉරානය ඊට ද පසුබට නොවන බවට ඔහු ඇමෙරිකාවට දැඩිව අනතුරු අඟවා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















