ඉන්දියාවේ නවදෙල්ලි නුවර පැවැත්වීමට නියමිත BRICS රාජ්‍ය නායක සමුළුව සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහභාගී වීමට නියමිත බව ඉරාන නිල ආරංචි මාර්ග තහවුරු කරයි.
බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ කලාපීය ආර්ථික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් ඉරාන ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වීමට නියමිතය. මෙම සමුළුව අතරතුරදී ඉන්දියාව ඇතුළු BRICS සාමාජික රටවල රාජ්‍ය නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.
















