අමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර අභ්‍යවකාශ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ‘මූන් බේස්’ (Moon Base) හෙවත් චන්ද්‍ර පදනම් වැඩසටහනට එක්වන ලෙස ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයට (ISRO) නිල ආරාධනයක් ලැබී තිබේ. අගෝස්තු 5 සහ 6 යන දිනවල බෙංගලූරු හිදී පැවැත්වුණු ඉන්දු-අමෙරිකානු සිවිල් අභ්‍යවකාශ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 9 වන රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, මීට පෙර 2023 වසරේදී ඉන්දියාව ‘ආර්ටෙමිස් ගිවිසුම’ වෙත අත්සන් තබා ඇත. මෙම සහයෝගීතාව යටතේ විවෘත විද්‍යාත්මක දත්ත හුවමාරු කරගැනීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ද දෙපාර්ශ්වය එකඟ වී ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
















