මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සඳහා කිසිදු තාවකාලික විසඳුමක් හෝ සටන් විරාමයක් පිළිගැනීමට තමන් සූදානම් නැති බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.තුර්කියේ පැවති ‘අන්තල්යා රාජ්‍ය තාන්ත්‍රික සංසදය’ අතරතුර අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ කලාපය පුරා පවතින යුද්ධය සම්පූර්ණයෙන්ම සහ ස්ථිරවම අවසන් විය යුතු බවයි.ඕනෑම සටන් විරාමයක් ලෙබනනයේ සිට රතු මුහුද දක්වා වූ සමස්ත ගැටුම් කලාප ආවරණය වන පරිදි සවිස්තරාත්මක එකක් විය යුතු බව ඉරානය පවසයි.
මෙම ගැටුම් චක්‍රය “එකම වරක් සහ අවසන් වරට” නිම විය යුතු බවත්, තාවකාලික එකඟතා සඳහා ඉඩක් නොමැති බවත් පවසන අමාත්‍යවරයා මෙය ඉරානයේ දැඩි ස්ථාවරය හෙවත් “රතු ඉරක්” බව ද අවධාරණය කළේය.
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට නම් තාවකාලික සටන් විරාමවලින් ඔබ්බට ගිය පූර්ණ යුද විරාමයක් අත්‍යවශ්‍ය බව ඉරානයේ මතය වී තිබේ.














