හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන වෙළඳ කටයුතුවලට බාධා එල්ල වීමත් සමඟ ඉරානය සිය තෙල් අපනයනය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විකල්ප මාර්ග සොයමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව ඉරානයේ උතුරු වෙරළ තීරයේ පිහිටි කැස්පියන් මුහුදේ වරායන් සහ රුසියාව ඇතුළු උතුරු දේශසීමා හරහා වෙළඳ කටයුතු වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව Al Jazeera වාර්තාවක දැක්වේ. ඉරානයේ බොහෝ සමුද්‍ර වෙළඳ කටයුතු සාම්ප්‍රදායිකව සිදුවන්නේ දකුණු වරායන් හරහා වන බැවින්, මෙය සැලකිය යුතු මාර්ග වෙනසක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, කැස්පියන් මුහුදේ ජල මට්ටම අඛණ්ඩව පහළ යාම හේතුවෙන් එම මාර්ගයද අභියෝගවලට මුහුණ දී තිබේ. ඉරාන නාවික ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අනුව, ජල මට්ටම අඩුවීම හේතුවෙන් උතුරු වරායන්හි හැසිරවිය හැකි නෞකා ධාරිතාවද අඩු වී තිබේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් අපනයනය දැඩි ලෙස සීමා වී ඇති බව Reuters ද වාර්තා කර ඇති අතර, එම තත්ත්වය ඉරානයේ විදේශ විනිමය ආදායමට බලපෑම් එල්ල කරමින් තිබේ.
















