ඇමරිකාව සහ ඉරානය අතර පවතින දීර්ඝ කාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා සෙනසුරාදා දින ස්විට්සර්ලන්තය බලා යාමට සූදානමින් සිටිනවා. ප්‍රසිද්ධ විදේශ මාධ්‍යවේදියෙකු වන බැරක් රාවිඩ් පවසන්නේ මේ සංචාරය තීරණය කර තිබුණත්, පවතින තත්ත්වය අනුව එය ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් කියලයි.
මේ ගමන පිටුපස තියෙන ලොකුම කොන්දේසිය වෙන්නේ, පසුගියදා ඇති කරගත් ලෙබනන් සටන්විරාම ගිවිසුම (යුද්ධය තාවකාලිකව නැවැත්වීම) භූමිය තුළ හරියටම ක්‍රියාත්මක වෙනවාද කියන එකයි. ඉරාන විදේශ අමාත්‍යවරයා අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයන්ට පවසා ඇත්තේ, ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාර්ථක වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ සටන්විරාමය රැකෙන හැටි අනුව කියායි. ඒ නිසා, තමන් සාකච්ඡා සඳහා පිටත්ව යාමට පෙර, ලෙබනනයේ දකුණු පැත්තේ වෙඩි තැබීම් සම්පූර්ණයෙන්ම නැවතී සාමය පවතිනවාද කියා තහවුරු කරගන්න ඉරානයට අවශ්‍ය වී තිබෙනවා. හැබැයි, මීට පැය කිහිපයකට කලින් ‘අලි අල් තාහීර්’ කියන ප්‍රදේශයෙන් නැවතත් ගොඩබිම් ප්‍රහාර වාර්තා වීම නිසා මේ තත්ත්වය තවත් අවුල් වෙලා තියෙනවා.
කොහොම වුණත්, මේ නිසා මේ සති අන්තය ලෝක දේශපාලනයට ගොඩක් උණුසුම් එකක් වෙලා තියෙනවා. දැනටමත් ඇමරිකාවේ විශේෂ නියෝජිත ‘විට්කොෆ්’ සාකච්ඡා සඳහා ස්විට්සර්ලන්තයට යන්න පිටත් වෙලා ඉවරයි. ඉරාන විදේශ අමාත්‍යවරයාත් යන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් තියෙන එකම ප්‍රශ්නය, ඊයේ පෙරේදා පටන් ගත්තු ලෙබනන් සටන්විරාමය, ඉරානයට විශ්වාසය තියන්න පුළුවන් මට්ටමට තවදුරටත් ඉදිරියට රැකේවිද කියන එක විතරයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















