ඉරාන නෞකාවක සිටි පිරිසක් ගාල්ල වරායට පැමිණීම සම්බන්ධයෙන් සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ඔහු සඳහන් කළේ මුහුදු මාර්ගයෙන් ශ්රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාත්යන්තර සම්මුතීන් සහ නීති අනුගමනය කරන බවයි.
ජාත්යන්තර සරණාගත නීති ඇතුළු අදාළ සම්මුතීන්ට අනුකූලව අවශ්ය පියවර ගෙන ඇති බවත්, එම ක්රියාවලියේදී අදාළ පුද්ගලයන්ගේ ජාතිකත්වය මත පදනම්ව වෙනස්කම් සිදු නොකරන බවත් නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේය.
එම නීතිමය ක්රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් වෙනත් රටකට ගැටලුවක් ඇති නොවන බවට ද ඔහු විශ්වාසය පළ කළේය.














