ඉරාකයේ සක්‍රියව පවතින ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් පැය කිහිපයක් ඇතුළත සෞදි අරාබිය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ තොරතුරු ලැබී ඇති බව Al Arabiya English පුවත් සේවය වාර්තා කරයි.
මෙතෙක් ප්‍රහාර එල්ල කරන්නේ කුමන සන්නද්ධ කණ්ඩායමද හෝ ප්‍රහාරක ඉලක්ක මොනවාදැයි නිශ්චිතව හෙළිදරව් වී නොමැති වුවද, පසුගිය ජූලි මාසයේදීද ඉරාක භූමියේ සිට සෞදි අරාබියේ රියාද් නගරයේ සහ නැගෙනහිර පළාතේ තෙල් පිරිපහදු පරිශ්‍ර වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර දමන ලදී. ඊට ප්‍රතිචාර ලෙස සෞදි අරාබිය සහ අමෙරිකානු හමුදා එක්ව ඉරාකයේ පිහිටි ඉරාන හිතවාදී මිලිෂියා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ අතර, මෙම තත්ත්වය හමුවේ කලාපීය නොසන්සුන්තාව නැවතත් දැඩි වීමේ අවදානමක් මතුව තිබේ.














