එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අත්හිටුවා තිබූ ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කර ඇති අතර, මේ වන විට දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 230,000 දක්වා ප්‍රමාණයකට ළඟා වී ඇති බව Al Jazeera පුවත් සේවය වාර්තා කරයි.
එම කලාපයේ වැඩබලන ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ආරක්ෂක හේතූන් මත තෙල් කැණීම් සහ නිෂ්පාදන කටයුතුවලින් ඉවත්ව සිටි විදේශීය සහ දේශීය තෙල් සමාගම් නැවතත් සිය සේවකයන් සේවයට කැඳවමින් කටයුතු ආරම්භ කර ඇති බවයි. මෙම තෙල් නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වීම කලාපයේ ආර්ථික ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වන බව විචාරකයෝ පෙන්වා දෙති.














