UEFA Nations League තරගයකට පෙර පැවති Republic of Ireland කණ්ඩායමේ මාධ්ය හමුවක් අතරතුර ඊශ්රායල මාධ්යවේදීන් කිහිපදෙනෙකු විසින් තරගයට සෘජුව සම්බන්ධ නොවන ප්රශ්න ඉදිරිපත් කිරීමත් සමඟ එම මාධ්ය හමුව අතරමග අවසන් වී තිබේ.
අයර්ලන්ත පුහුණුකරු Heimir Hallgrimssonගෙන් Flydubai ගුවන් යානයේ සිදුවීම සහ අයර්ලන්ත කණ්ඩායමේ පලස්තීනය සම්බන්ධ ස්ථාවරය පිළිබඳ ප්රශ්න කර ඇති අතර, Football Association of Ireland සන්නිවේදන කළමනාකරු Kieran Crowley එම ප්රශ්න තරගයට අදාළ නොවන බැවින් නවත්වන ලෙස ඉල්ලා තිබේ. එම ප්රශ්න දිගටම ඉදිරිපත් වීමෙන් පසු මාධ්ය හමුව අවසන් කර තිබේ.
පසුව තවත් ඊශ්රායල මාධ්යවේදියෙකු අයර්ලන්ත ක්රීඩකයන් ඊශ්රායල ක්රීඩකයන්ට වර්ගවාදී ප්රකාශ කළ බවට චෝදනා කර ඇති අතර, Crowley එය ප්රතික්ෂේප කරමින් මාධ්ය හමුව අවසන් කර තිබේ. මේ අතර අයර්ලන්ත ක්රීඩකයන් දෙදෙනෙකුට ඊශ්රායල ප්රේක්ෂකයන්ගෙන් වර්ගවාදී අපහාස එල්ල වූ බවට ඇති චෝදනා සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකෙරෙන බව වාර්තා වේ.
















