මැදපෙරදිග කලාපය පුරා පවතින දරුණු මිලිටරිමය ආතතිය උපරිම මට්ටමකට රැගෙන යමින්, ගල්ෆ් කලාපයේ පිහිටි ප්‍රධාන ඇමරිකානු යුධ කඳවුරු 6ක් ඊයේ සන්ධ්‍යාවේ සිට මුළුමනින්ම වටලා අක්‍රීය කිරීමට පියවර ගත් බවත්, ඕනෑම මොහොතක ඇමරිකානු ඉලක්ක වෙත තවත් අතිදැවැන්ත මිසයිල 200කට අධික ප්‍රමාණයක් එල්ල කිරීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදේශීය පුවත් සේවා වාර්තා කරන්නේ, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නිල ප්‍රකාශකයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති බවයි.
ඉරාන ආරක්ෂක බලකායේ ප්‍රකාශකයා අවධාරණය කර ඇත්තේ, ඉරානයේ ඛාර්ග් දූපත් තෙල් මධ්‍යස්ථාන ඇතුළු උපායමාර්ගික ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධවල මන්දිරය සැලසුම් කර තිබූ මිලිටරි මෙහෙයුම්වලින්, ඇමරිකාවට පසුබැසීමට සිදුවූයේ, කිසියම් රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයක් හෝ ගිවිසුමක් නිසා නොවන බවයි.
ඇමරිකාව සිය ආක්‍රමණශීලී සැලසුම්වලින් පසුපසට ගියේ ඉරානය සතු මෙම දරුණු මිලිටරිමය බලහත්කාරය සහ කඳවුරු වැටලීම් හමුවේ බියට පත්වීම නිසා මිස, දෙපාර්ශවය අතර කිසිදු ආකාරයක අවසන් එකඟතා ගිවිසුමක්, මේ මොහොතේ නොපවතින බව ද ඔහු පැහැදිලි කර තිබේ. ඉරානය සතු මිසයිල බලකායන් ඕනෑම මොහොතක ඇමරිකානු මධ්‍යස්ථාන සුනුවිසුනු කිරීමට සීරුවෙන් තබා ඇති පසුබිමක, ඉරාන භූමියට හෝ ඔවුන්ගේ මිත්‍ර රටවලට එරෙහිව ඇමරිකාව ගන්නා සන්නද්ධ පියවරයන් ඉරානයේ මාරක ප්‍රතිප්‍රහාර හමුවේ මුළුමනින්ම අළු දූවිලි වී යනු ඇති බවට ද ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය දැඩි ලෙස අනතුරු අඟවා සිටියි.
















