27 April 2024
#දේශීය

ජිවන්ට නියෝජ්‍ය ඇමැති ධුරය ද…. ?

ලංකා කම්කරු කොංග්‍රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව එහි නායකත්වය ඔහුගේ පුත් ජිවන් තොණ්ඩමන් හට හිමිවන බව වාර්තා වේ.

අභාවප්‍රාප්ත අරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අයෙකි.

අමාත්‍ය ධුරය සඳහා ජිවන් තොණ්ඩමන්ට හිමි වීමට බොහෝ ඉඩ කඩ ඇති බව මත පල කල ද ඔහු තවමත් ආධුනික දේශපාලනඥයෙකු හෙයින් අමාත්‍ය ධුරයක් පලමු වරට ලබා නොදෙනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ජිවන් තොණ්ඩමන් වතුකාරයේ ජනතා ඡන්දෙන් ඉහල මනාප ගෙන පාර්ලිමේන්තුවට තේරීපත්විය හැකි අයෙකු බවයි. ඒ අනුව ඔහුගේ ආධුනිකත්වය හා ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ ඡන්ද පදනම මත ඔහුට අමාත්‍ය ධුරයක් ලබා දෙන්නේ නම් එය නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බව රජයේ ප්‍රබලයින් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 26 ක් වු ජිවන් තොණ්ඩමන් මහතා නීතීඥවරයෙකු ද වේ.

 

දිලිනි සමන්මලි

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *