පාතාල කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවත් දින 30ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (ජූනි 12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ ප්‍රකාශ කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ. සැකකාරියට එරෙහිව මීට පෙර ලබාගෙන තිබූ දින 30ක රැඳවුම් නියෝග කාලය අදින් අවසන් වන බැවින්, විමර්ශන කටයුතු සඳහා තවදුරටත් මෙලෙස දින 30ක කාලයක් ලබාගත් බව ඔවුහු අධිකරණයට දන්වා සිටියහ.
මෙම සිද්ධියට අදාළව මේ වන විට විදේශගතව සැඟව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කිරීමට පියවර ගන්නා බව ද කොළඹ අපරාධ කොට්ඨාසය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු විවෘත අධිකරණයේ පෙනී සිටි අතර, සෙසු සැකකරුවන් බන්ධනාගාරයේ සිට සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරුණි. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් එළඹෙන ජූනි මස 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.















