• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ISIS සංවිධානයට රටේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ – අගමැති

13 May 2019
in දේශීය

අයි.එස්.අයි.එස්. සංවිධානයට රටේ සංවර්ධනයවත්, ආර්ථික දියුණුවවත්, එදිනෙදා වැඩකටයුතුවත් කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) රන් මාවත් වැඩසටහන යටතේ රත්නපුර, මල්වල – ශ්‍රී පලාබද්දල මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.

බෝම්බ පිපිරවීමෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් බිළිගෙන ජන ජීවිතය අඩාල කර රට අකර්මණ්‍ය කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණවුවත් ඊට ඉඩනොදී සාමය හා සංහිදියාව ආරක්‍ෂා කර ගනිමින් රජයේ සංවර්ධන කටයුතු මෙන්ම පුද්ගලික අංශයේ ද එදිනෙදා කටයුතු ඉදිරියට ගෙන යෑමට වහා පියවර ගත යුතුව ඇතැයි අග්‍රාමත්‍යවරයා සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අයි.එස්. අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායම එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයට වඩා වෙනස්. අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායමට එක් විශාල සංවිධානයක් නැහැ. එක් කණ්ඩායමක් විනාශ වූ පසු ඒ වෙනුවෙන් තවත් කණ්ඩායමක් බිහි වෙනවා. අප රටක් ලෙස කටයුතු කළ යුත්තේ නැවත එවැනි කණ්ඩායමක් අපේ රටේ බිහිවීම වැලැක්වීමටයි. මෙම බෝම්බ ප්‍රහාරයේ මූලික අරමුණ වුයේ අති විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ කිරීමයි. දෙවන අරමුණ වුයේ රටේ ඇතිවී තිබෙන සංහිදියාව විනාශ කිරීමයි. තුන්වන අරමුණ රටේ ආර්ථික දියුණුව සහ සංවර්ධනය අඩාල කිරීමයි. රටේ සාමාන්‍ය තත්වය වෙනස් කරමින් කඩා වැටීමකට ලක්කිරීම ඔවුන්ගේ අරමුණයි.

මෙම ත්‍රස්තවාදයට මුහුණදීමට නම් අපි පළමුවෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය යුතුයි. එදා ප්‍රහාරයෙන් පසුව රටේ සාමය සහ සංහිදියාව ආරක්ෂා කර ගැනීමට හැකිවුනේ සියළුම ආගම්වල පූජකතුමන්ලා නිසයි. ප්‍රහාරයට ලක්වූ කතෝලික දේවස්ථානවල පූජකතුමන්ලා සහ ක්‍රිස්තියානි ආගමික නායකවරු එම ජනතාවට කළ දේශනා නිසා රටේ වෙනත් කොට්ඨාශයකට පහර දීම හෝ වෙනත් කුමන ආකාරයේ ගැටළුවක් හෝ ඇතිවීමට ඉඩ දුන්නේ නැහැ.

දැන් අපිට තිබෙන මූලිකම කාර්ය වන්නේ රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමයි. ඒ වෙනුවෙන් සීඝ්‍රයෙන් අපේ සංවර්ධන වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට කිසිම දිනක අපේ රටේ ආර්ථිකය විනාශ කිරීමට හෝ රටේ සංවර්ධනය අඩපන කිරීමට ඉඩ නොතබන බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. රටක් ලෙස එම අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙන බවත් විශේෂයෙන් පැවසිය යුතුයි.

මේ වන විට රටේ සෑම අංශයකම සංවර්ධන වැඩකටයුතු ආරම්භ කිරීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය නිසා රටේ දියුණුව හෝ එදිනෙදා ජන ජීවිතය කඩා කප්පල් කිරීමට ඉඩ දිය නොහැකියි. එම නිසා ආණ්ඩුවේ සියලූම සංවර්ධන වැඩකටයුතු මේ සතියේ සිට ඉදිරියට කරගෙන යා යුතු බවට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම, විවෘත කිරීම්, රැකියා ලබාදීම්, පුහුණු කිරීම් ආදි සියලූ වැඩකටයුතු සුපුරුදු පරිදි ආරම්භ කළ යුතුයි. පුද්ගලික අංශත් ඒ ආකාරයෙන්ම කටයුතු කළ යුතුයි.

රටේ ඇතැම් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව වෙසෙන ප්‍රදේශවලට ගොස් සිය වෙළෙදාම් කටයුතු කිරීමට බියක් දක්වනවා. ඒවගේම සිංහල ජනතාව මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවලට ගොස් ව්‍යාපාරික කටයුතුවල නිරතවීමට බියක් දක්වනවා. එසේ සිදුවිය නොහැකියි. සියලූ දෙනාම එක්ව කටයුතු කළ යුතුයි. රට සාමාන්‍ය තත්වයට පත්විය යුතුයි.

ඇතිවූ තත්වය නිසා තාවකාලිකව නතර කර තිබෙන කුඩා ව්‍යාපාර මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සහ විශාල ප්‍රමාණයේ ආයෝජන ආදිය නැවත ආරම්භ කළ යුතුයි. විදේශ ආයෝජනවල තිබෙන්නේ මාසයක හෝ දෙකක පසුබෑමක් පමණයි. නමුත් විශාලම හානිය සිදුව තිබෙන්නේ සංචාරක කර්මාන්තයටයි. ඇතැම් රටවල් විසින් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම නොසුදුසු බවට උපදෙස් ලබාදී තිබෙන නිසා විශාල සංචාරකයන් ප්‍රමාණයක් රටින් පිටව ගොස් තිබෙනවා.

පළමුවෙන් අප කළ යුත්තේ සංචාරකයන් පැමිණීම නොසුදුසු යැයි ලබාදී තිබෙන ගමන් තහනම ඉවත් කර ගැනීමයි. අනතුරුදායකයි යන වචනය ඉවත් කර ගත යුතුයි. ඉන් අනතුරුව ජූනි මාසයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව නව ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සංචාරක කර්මාන්තයේ ප්‍රධානීන් හමුවී මම උපදෙස් ලබාදී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ නියැලෙන අයට ලබාදී ඇති ණය පහසුකම්වලට අමතරව ගෙවීමට අමතර පහසුකම් ද ලබාදෙනවා. එම කර්මාන්තයේ නියැලෙන අනෙකුත් සේවකයන්ටත් එවැනි පහසුකම් ලබාදෙනවා.
සංචාරක ව්‍යාපාරයේ නිරතවන බොහෝ තරුණ පිරිස්වලට ගැටලූවක් වි තිබෙන්නේ තමන් රැකියාවලින් ඉවත් කරනු ඇතැයි යන්නයි. අප සංචාරක ක්ෂේත්‍රයට විශාල ලෙස පහසුකම් ලබාදීමට තීරණය කර තිබෙන නිසා එම තරුණ තරුණියන් සේවා ස්ථානවලින් ඉවත් නොකරන ලෙස රටේ සියලූම සංචාරක ව්‍යාපාරවලින් මා ඉල්ලා සිටිනවා. අගෝස්තු මාසය පමණ වන විට සාමාන්‍ය පරිදි සංචාරකයන් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා.

අපේ රට විශාල ණය බරකට මුහුණ දී සිටියා. එය ගෙවීමට සිදුවුණා. හම්බන්තොට වරාය වැනි ලාභ නොලබන විශාල ව්‍යාපෘතිවල බර දැරීමට රජයට සිදුව තිබුණා. කෙසේ නමුත් අපේ රජය ගත් පියවර නිසා හම්බන්තොට වරායට ගෙවීමට තිබෙන ණය මුදල පියවා ගනිමින් හම්බන්තොට ප්‍රදේශයේ විශාල ආයෝජන කලාපයක් ඇතිකිරීමට අපි කටයුතු කළා.
පසුගිය වසර වැඩි වශයෙන්ම විදෙස් ණය ගෙවූ වසරයි. කෙසේ හෝ ආර්ථිකය කළමණාකරණය කර ගනිමින් ක්‍රමිකව රට සංවර්ධනය කරා ගමන් කරමින් සිටියදී කෘෂිකර්මාන්තය හරහා මෙතෙක් වාර්තා වූ වැඩිම කෘෂි අස්වැන්න ලබා ගනිමින් සිටියදී නැවතත් අපට මෙවැනි ව්‍යවසනයකට මුහුණ පාන්නට සිදුවුණා. රටක් ලෙස අපි මේ කණගාටුදායක තත්වයටත් කෙසේ හෝ මුහුණ දිය යුතුයි.

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීම ගැටළුවක් බව අප පිළිගත යුතුයි. රටේ කඩා වැටීම ආරම්භ වූයේ එම නිසයි. එදා සිදුවීමෙන් පසුව මම ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ලැබී තිබූ තොරතුරු අනුව ඉදිරියට කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව සිදුවීමෙන් පැය 09ක් ගතවීමටත් පෙර දෙමටගොඩදී ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවුණා. ඉන් පසුව සිදු කළ සෝදිසි මෙහෙයුම් දියත් කළේත් රජයේ ඔත්තු සේවාවන්ට සහ බුද්ධි සේවාවන්ට ලැබි තිබූ තොරතුරු මතයි.

අපේ රටේ බුද්ධි සේවය තවත් දියුණු කළ යුතුව තිබෙනවා. තාක්ෂණය උපයෝගි කර ගත යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් විදෙස් රටවල ආධාර ලැබෙනවා. අයි.එස්. ත්‍රස්ත ක්‍රමවේදය එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රමවේදයට වඩා වෙනස්. අප ඒ වෙනුවෙන් ද සුදානම් විය යුතුයි. ආණ්ඩුවක් අතින් අතපසුවීම් සිදුවූ විට ඒ වෙනුවෙන් එල්ල වන දෝෂාරෝපණ භාරගත යුතුයි. ජනතාව තවමත් අපට චෝදනා එල්ල කරනවා. අපි ඊට විරුද්ධව කිසිවක් පවසන්නේ නැහැ. එම නිසා රජයක් ලෙස සිදුවූ අඩුපාඩු වලක්වා ගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා.
අද දිනයේ අප ආරම්භ කරන රෙන් මාවත් ෙ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ඇමතිතුමාට මම ස්තුති වන්ත වෙනවා. විශාල මහා මාර්ග ඉදිකිරීමට පෙර ග්‍රාමීය මට්ටමෙ මාර්ග ඉදිකළ යුතු යැයි මම එතුමාට යෝජනා කළා. ඒ හරහා ගම්මානවලට මේ වැඩසටහන ගෙන යාමට එතුමා විශාල උනන්දුවක් ගන්නවා. කබීර් හෂීම් ඇමතිතුමා සියළුම අංශ පිළිබඳ මනා දැනුමක් සහිත සම්පූර්ණ ශ්‍රී ලාංකිකයෙක් බව එතුමාගේ කතාවෙන් අද අපට අවබෝධ වුණා.

ඒ වගේම විජේතුංග මන්ත්‍රිතුමාත් විවිධ ව්‍යාපෘති රාශියක් හරහා ජනතාවට සේවය කරනවා. රත්නපුර සිට කළුතර දක්වාත්, රත්නපුර සිට බලංගොඩ දක්වාත් ඉතා හොඳ මාර්ග පද්ධතියක් තිබෙනවා. එතුමාට අවශ්‍ය රත්නපුර දියුණු කිරීමටයි. තලතා ඇමතිතුමියත්, පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමාත්, හේෂා විතානගේ මන්ත්‍රිතුමාත් මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මට තිබෙන්නේ උදව් උපකාර කිරීමයි. අපේ මන්ත්‍රි කණ්ඩායම සමඟ ඉදිරියේදීත් රත්නපුර දියුණු කිරීමට කටයුතු කරනවා යැයි මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. ඒ. විජේතුංග, හේෂා විතානගේ, එස්.එම්. මරික්කාර්, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Rathna Ranil TTVnews

 

Post Views: 13
Previous Post

රාජපක්ෂලා මාධ්‍යයට අත තිබ්බේ නෑ .. මාධ්‍යවේදීන් උස්සන් ගියා – ඇමැතිනි තලතා

Next Post

ජනපති චීනයට – රුවන්ට වැඩබලන ආරක්ෂක ඇමැති ධුරය

editor

editor

Next Post

ජනපති චීනයට - රුවන්ට වැඩබලන ආරක්ෂක ඇමැති ධුරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved