• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රාථමික සිසුන්ට විතරක් දිවා ආහාරය දෙන්න රජයට ලැජ්ජාවක් නැද්ද – විපක්ෂ නායක සජිත්

26 March 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්

පාසල් දූදරුවන් ශක්තිමත් කිරීමට එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නත් අද දිවා ආහාරය ප්‍රාථමික සිසුන්ට පමණක් ලබා දෙන්න රජය කටයුතු කර ඇති බවත් එය ලැජ්ජා සහගත ප්‍රතිපත්තියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 134 වැනි අදියර යටතේ ඊයේ (25) හම්බන්තොට තංගල්ල කොටවාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ එකම පාසලේ දරුවන් දෙකට බෙදීම සහ වර්ගීකරණය කිරීම සිදු නොකළ යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි වර්ගීකරණයක් සිදු නොකර සෑම දරුවකුටම දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවයි.

තමාගේ සිහිනය වන්නේ මෙරට දරුවන් කවදාහෝ මයික්‍රසොෆ්ට් ආයතනයේ සේවය කරනු දැකීම බවත් අපේ රට මෘදුකාංග ඉංජිනේරුවන්ගේ පාරාදීසයක් බවට පත් කිරීමේ සිහිනයක් ද ඇති බවත් ඒ සඳහා ඉංග්‍රීසි මෙන්ම තොරතුරු තාක්ෂණ පරිගණක දැනුම අවශ්‍ය බවත් සිංහල පමණයි දමිළ පමණයි කියා සිටීමෙන් ඒ සිහිනය කරා යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

රටේ පත් කරන පාලකයන් නිවැරදි අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා නොදීම නිසා නව දැනුමෙන් දරුවන් සන්නද්ධ නොවූ බවත් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 86 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 134ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1348ක් වැය කර තිබේ.

Post Views: 11,229
Previous Post

කිසිදු මැතිවරණයක් කල් දාන්නේ නෑ -ඇමැති විජයදාස රාජපක්ෂ

Next Post

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රු.10,000 ම අප්‍රේල් වැටුපට එකතු කර ගෙවනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රු.10,000 ම අප්‍රේල් වැටුපට එකතු කර ගෙවනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved