ඊශ්‍රායලය විසින් ග්‍රීසිය වෙනුවෙන් බහුස්තර ගුවන් ආරක්ෂණ පද්ධතියක් (Multi-layered air defence system) නිර්මාණය කිරීම සඳහා යුරෝ බිලියන 3ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක්) වටිනා දැවැන්ත ආරක්ෂක ගිවිසුමකට අගෝස්තු 31 වනදා එළඹ තිබේ.
‘ඇකිලීස් ෂීල්ඩ්’ (Achilles Shield) ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත ‘ඩේවිඩ්ස් ස්ලින්ග්’ (David’s Sling), ‘ස්පයිඩර්’ (SPYDER) සහ ‘බරක් එම්.එක්ස්’ (BARAK MX) යන මිසයිල නාශක පද්ධති සහ රේඩාර් තාක්ෂණය ග්‍රීසියට හිමිවනු ඇත. මෙය ඊශ්‍රායල ඉතිහාසයේ සිදුකළ විශාලතම ආරක්ෂක අලෙවි ගිවිසුමක් වන අතර, අසල්වැසි තුර්කිය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේද හමුවේ සිය හමුදා නවීකරණය කිරීම සඳහා ග්‍රීසිය මෙම පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














