ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමට හෝ ඉවත් කිරීමට ඊශ්‍රායල රජය කිසිදු සැලසුමක් සකස් කර නොමැති බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩියොන් සාර් (Gideon Saar) අවධාරණය කරයි.
ස්ලෝවේනියාවේ (Slovenia) ලියුබ්ලියානා නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, යම් පලස්තීන ජාතිකයෙකු සිය ස්වකීය කැමැත්තෙන්ම වෙනත් රටකට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන්නේ නම් සහ එම රට ඔවුන් පිළිගැනීමට සූදානම් නම් ඊට ඊශ්‍රායලය බාධා නොකරන බවයි. කෙසේ වෙතත්, කිසිදු අයෙකුට එරෙහිව බලහත්කාරී පිටුවහල් කිරීමක් සිදු නොකරන බව ඔහු තහවුරු කළේය. ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් අන්ත දක්ෂිනාංශික අමාත්‍යවරුන් විසින් ගාසා වැසියන් ඉවත් කිරීමේ යෝජනා ඉදිරිපත් කර තිබූ පසුබිමක විදේශ අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














