ගාසා තීරයේ කුඩා ළමුන් සරංගල් යැවූ ප්‍රදේශවල සිටින පලස්තීන ජාතිකයන් එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් නෙරපා හරින බවට ඊශ්‍රායලය එල්ල කළ තර්ජනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැඩි ලෙස හෙළාදැක ඇති බව Al Jazeera වාර්තා කරයි.
“මෙය ඉතාමත් සාපරාධී සහ අසාධාරණ ක්‍රියාවක් බවට අප සියලු දෙනාම එකඟ වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය වැසියන් සහ කුඩා ළමුන්ගේ සරල ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් සමූහ දඬුවම් පැමිණවීම ජාත්‍යන්තර නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවයි.
ගාසා තීරය තුළ මානුෂීය අර්බුදය දිනෙන් දින උග්‍රවන පසුබිමක, සිවිල් වැසියන් අවතැන් කිරීමට ගන්නා මෙවැනි පියවරයන් වහාම නතර කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
















