ලෙබනනයේ දකුණු ප්‍රදේශයට ඊයේ (මැයි 01) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කාන්තාවන් සිව්දෙනෙකු සහ කුඩා දරුවෙකු ද මියගිය පිරිස අතරට අයත් වේ.
හබූෂ් (Haboush) ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 08 දෙනෙකු මියගිය අතර, තවත් ප්‍රහාර මගින් ස්ට්‍රාටෝෆ් (Zrariyeh) සහ අයින් බාල් (Ain Baal) ප්‍රදේශවලින් ද පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබේ.
දෙරට අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනු ලබන අතර, හිස්බුල්ලා (Hezbollah) සංවිධානය ද ඊට ප්‍රතිචාර දක්වමින් සිටී.
















