ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානයේ ප්‍රබලතම සහ ඉහළම පෙළේ අණදෙන නිලධාරියෙකු වන ඉස් අල්-දින් අල්-හඩාඩ් (Izz al-Din al-Haddad) ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන පරිදි, හඩාඩ් යනු ගාසා නගරය කේන්ද්‍ර කරගත් හමාස් බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පුද්ගලයාය.
ඔහු ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය හමාස් සංවිධානයේ යුදමය ක්‍රියාකාරකම්වලට එල්ල වූ දැඩි බලපෑමක් බව ඊශ්‍රායලය පවසයි. පසුගිය මාස කිහිපය පුරාම ඊශ්‍රායල බුද්ධි අංශ විසින් ඔහු සොයා මෙහෙයුම් දියත් කර තිබූ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. මෙම තත්ත්වයත් සමඟ ගාසා තීරයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විදේශ දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.














