ඊශ්රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කරන ලද ප්රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එරට සෞඛ්ය අංශ පවසයි.
සන්නද්ධ ක්රියාකරුවෙකු ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාරය එල්ල කළ බව ඊශ්රායලය ප්රකාශ කරන අතර, සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කරමින් හමාස් සංවිධානය යළි අවි සන්නද්ධව ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ඔවුන් චෝදනා කරයි.
















