දකුණු කොරියාවේ තේගු (Daegu) නගරය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක රාජ්ය ගෞරවලාභීන්ගේ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත පිරිසක් සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් අමාත්යාංශයේදී පැවැත්විණි.
ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්ය වනවාසී රාහුල හිමියන්ගේ අනුශාසකත්වයෙන් ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, විශේෂ අවශ්යතා සහිත දරුවන්ගේ කුසලතා හඳුනාගෙන සංවර්ධනය කිරීම සහ දෙරටේ දරුවන් අතර අත්දැකීම් හුවමාරු කරගැනීමේ මානුෂීය වැඩසටහනක් ක්රියාත්මක වේ. මේ සඳහා රටවල් 16ක් නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වීමට නියමිත අතර, කොරියානු නියෝජිත පිරිස මෙරට රෝහල් සඳහා අවශ්ය ඖෂධ වර්ග කිහිපයක් ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කළහ. මීට පෙර, මෙම සංවිධානය විසින් ජාතික නාමල් උයන පරිශ්රයේදී දරුවන් 1,500කට අධික පිරිසකට පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ද ක්රියාත්මක කර තිබේ.
















