• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් – රවි කුමුදේශ්

31 August 2022
in දේශීය

අරක්කු සමාගම්වල ගජ මිතුරු හොරුන්ව රකින්න, මහජනතාවගේ බදු වැඩි කරන අය වැයක් බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ජිවත් වෙන්න ක්‍රමයක් විතරක් නෙවේ, මැරෙන්න පවා ක්‍රමයක් නැති මිනිස්සුන්ගේ VAT බද්ද ආණ්ඩු වැඩි කර ඇති අතර ජීවත් වෙන්න ක්‍රමයක් නැති මිනිස්සුන්ට 25% බදු වැඩිවීමක් ගෙවන්නේ කොහොමද කියලත් ආණ්ඩුව කියන්න වන බව හෙතෙම පැවසිය.

එසේම රාජ්‍ය බැංකු 8% – 10%ට තිබුණු බැංකු.පොලිය, 20% දක්වා වැඩි කර පනස්දාහක ණය වාරිකයක් ගෙවපු රාජ්‍ය සේවකයෝ කොහොමද ලක්ෂයක් ගෙවන්නේ කෙසේ ද යන්න ඒ මහතා ප්‍රශ්ණ කර සිටියේය. එමෙන්ම ගෙල වැලදා ගත්ත මිනිස්සුන්ගේ මල විකුණලා තමයි බැංකුවලට ඔය කියන වාරික ගන්න වෙන බව හෙතෙම අනාවරණ කලේය.

කෙසේ වෙතත් ඔය කියන විදිහට බදු ගෙව්වත් බැංකු රැකෙයිද, බදු වංචා කරපු, බැංකු වලට පොලු තියපු කුප්‍රකට මහ බැංකු හොරකමට සම්භන්ධ අරක්කු සමාගමක්, ණය බොල් ණය කරලා, බදු වංචාව ඒ විදිහටම තියාගෙන, හෙට අනිද්දාට ආයෙත් අරක්කු හදන්න යන බව ඔහු කියා සිටියේය. සියළුම වැරදි වලට ජනාධිපති සමාව ලැබිලා, බලපත්‍රය ආයේ දෙන්න ලෑස්ති කර ඇති බව කුමුදේශ් මහතා කියා සිටියේය.

යාළු හොරුන්ගේ එක සමාගමක් නඩත්තු කිරීම සදහා බදු වංචාව 2.8ක්. බැංකු වලට කරපු වංචාව බිලියන10.4ක්. සාමාන්‍ය මිනිස්සු වැට් වැඩි කරලා ගෙවන්න ඕනේ රටේ ආර්ථිකය හදන්නද, නැත්තං මේ ගජ මිතුරු හොරුන් නඩත්තු කරන්නද? අපි ගත්ත ණය දෙගුණ කරලා ගෙවන්න ඕනේ බැංකු රකින්නද, එහෙම නැත්තං ‍යාලුවන්ගේ අරක්කු සමාගම් බැංකු වලින් හිස් කරපු ණය පුරවන්නද කියලා අපිට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්ණ කරන්න වෙනවා යැයි රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 22
Previous Post

පෙළපොත් 2023 වර්ෂයේ දී නිසි වේලාවට සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

උද්ඝොෂණයේදී අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්නේ නෑ – අගමැති

editor

editor

Next Post

උද්ඝොෂණයේදී අත්අඩංගුවට ගත් අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved