• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා එන්නත්කරණය පටන්ගැනීම සතුටක් – ඇමැතිනි පවිත්‍රා ප්‍රතිකාර ලබමින් සිටියදී කියයි

29 January 2021
in දේශීය

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

තමන් මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූවත් මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද අමාත්‍යවරිය පැවසිය.

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වෛරසය මර්දනය වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, ඒ අනුව ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලා පොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ද පැවැසීය.

කඩිනමින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුලු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුලු කොවිඩ් එන්නත්කරන කමිටු සාමාජිකයින් සියළු දෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුලු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන් හටත්, සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුලු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදු කරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියළු දෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙරට සියළු ජනතාවට ද එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු සිදු කරන බවත් පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සදහා ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කැපවී කටයුතු කරන බවද පැවැසීය.

Post Views: 5
Previous Post

බිමල්ටත් කොවිඩ් – ඇසුරු කළ අයට දැනුම් දීමක්

Next Post

කෝප් කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

editor

editor

Next Post

කෝප් කාරක සභාවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved