• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය දුතයින් ලෙස ඔස්ටින්- දයාන් ඇතුළු 10 දෙනෙකු පත් කරයි

11 August 2018
in දේශීය

ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බව ජනාධිපති පවසයි. ශ‍්‍රී ලංකාවේ විදේශ පිළිවෙත සියලු ජාතින් සමග මිත‍්‍රත්වය පවත්වා ගැනීම බවත්, යම් හේතුවක් මත එම ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයට පළුද්දක් ඇතිවී තිබේ නම් එය වහාම නිවැරදි කිරීම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූතයින්ගේ වගකීම බවත් ජනාධිපතිවරයා පැවසිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල් 10 ක් සඳහා පත්කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදි හමුවූ අවස්ථාවේදීය.

මේ අනුව ,

නොර්වේ රාජ්‍යයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද,

රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා ද

බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර් මහතා ද,

කැනඩාවේ ශ‍්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම මහතා ද,

පෝලන්තයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා ද,

ස්වීඩනයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි මහතා ද,

වියට්නාමයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. පේ‍්‍රමවර්ධන මහත්මිය ද,

දකුණු අප‍්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරචිච මහතා ද,

ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද,

පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඞ් ෂහීඩ් මහතා ද පත් කර තිබේ.

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රාජ්‍ය දූත ප‍්‍රධානින්ගේ ප‍්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය විදේශයන්හි ප‍්‍රවර්ධනය කිරීම සහ තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනිමට කටයුතු කිරීම බවයි.

සමාජ මාධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමට යම් යම් පිරිස් කි‍්‍රයාකරද්දී ශ‍්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ධනාත්මක ප‍්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

දුෂණයට පිටුපාන දේශපාලන චරිතවලටයි අද ජනතාව කැමැති – ජනපති

Next Post

2017 දී මැණික් හා ස්වර්ණාභරන අපනයනය ඉහළට

editor

editor

Next Post

2017 දී මැණික් හා ස්වර්ණාභරන අපනයනය ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved