• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ වන විට තහවුරුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

2 April 2024
in දේශීය, පුවත්
අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ වන විට තහවුරුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බවත් එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ වන විට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කළ හැකි බව ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී ඇතත් එය නිවැරදි නොවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීමෙන් පසුව ඒ සඳහා ලක්ෂ 04ක පමණ අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇති බවට අප අපේක්ෂා කරනවා. ඒ අනුව ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ලබාදීම සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා. නමුත් පසුගිය මැයි මාසයේ සිට පළමුවර අස්වැසුම සඳහා අයදුම් කල ලක්ෂ 34ක ප්‍රමාණය පිළිබඳව ද නැවත සමීක්ෂණයක් සිදු කරන බව පැවසිය යුතුයි. ඒ වගේම අලුතින් අයදුම්පත්‍ර යොමු කල ලක්ෂ 04ක ප්‍රමාණය සම්බන්ධව ද සම්පූර්ණ සමීක්ෂණයක් ද සිදු කෙරෙනවා. අප එය සිදු කරන්නේ මෙම සහ‍නාධාරය ලැබිය යුතු සුදුසුම කණ්ඩායම තෝරාගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහායි. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් තෝරාගැනීමෙන් පසු ඔවුන් පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට ද අප බාලාපොරොත්තු වනවා. එහි දී අස්වැසුම මඟින් ලබාදුන් මුදල් ඔවුන් විසින් කුමන කටයුත්තක් සඳහා වියදම් කලා ද ? යන්න සහ ඉදිරියේ දී සවිබල ගැන්වීමේ වැඩසටහනකට මෙය කෙතෙක් දුරට සහයෝගය ලබා දෙනවා ද ? සහ ඔවුන් ලැබූ ප්‍රතිලාභය කුමක් ද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි. අඛණ්ඩව කාර්තු 06ක් සෘණ ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටක් මේ වන විට යහපත් තත්ත්වයකට ගෙන ඒමට අප කටයුතු කලා. 2023 තුන්වන සහ හතරවන කාර්තුවල ආර්ථිකය ප්‍රසාරණය වීම ඇරඹුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනෙකුත් මූල්‍ය පහසුකම් ලබාදෙන ආයතන සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කළහැකි පිළිගත් මූල්‍ය විනයක් තුළ රටේ ආර්ථිකය ගමන් කරවීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්වීමට හැකි වූ බව සඳහන් කළ යුතුයි. එහිදී ජනතාවට අපහසුතා පැවතියත් මේ වන විට එම තත්ත්වය ක්‍රමානූකූලව අඩුවෙමින් පවතිනවා. ඒ අනුව ඉකුත් මාසයේ දී උද්ධමනය 0.9%කින් අඩු වී තිබෙනවා. රුපියල තවදුරටත් ශක්තිමත් වීම තුළ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමට අවශ්‍ය පසුබිම රටතුළ නිර්මාණය වෙමින් පවතින බව ද අප විශ්වාස කරනවා. අද වන විට මිල ගණන් ස්ථාවර වෙමින් පවතිනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් යම් කාරණා හුවා දක්වමින් විවිධ විවේචන සිදු කළා. නමුත් ඒවා සාධාරණ නොවන බව මේ වන විට රටේ ජනතාවට ඔප්පු වී තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය ඇගයිය යුතුයි. රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වනවා. ඔහු ඉතා දක්ෂ ලෙස ආර්ථික අර්බුදය කළමනාකරණය කළා. එබැවින් ඒ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍යයි. මේ වන විට රට ලබා ඇති ප්‍රගතිය හමුවේ ඕනෑම අයෙකුට රට පාලනය කල හැකි බවට ඇතැමුන් විශ්වාස කිරීමට පෙළඹී තිබෙනවා. නමුත් එය වැරදි අදහසක් බව කිව යුතුයි. දැන් රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති නිසා ඇතැමුන් මේ අකාරයට විශ්වාස කරනවා විය හැකියි. නමුත් එවැනි තත්ත්වයක් තවමත් නැහැ. දැනට මේ පවතින ස්ථාවරත්වය ලබා ඇත්තේ ඉතාම හොඳ කළමනාකරණය සහ සෘජු තීන්දු ගැනීම තුළ මෙන්ම ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීම හරහායි. නමුත් එය ඕනෑම අයෙකුට කළ හැකි දෙයක් නොවෙයි. වත්මන් වැඩපිළිවෙල තුළ ඉදිරියට ගියහොත් 2024 වර්ෂයේ දී 2% ඉක්ම වූ ආර්ථික වර්ධන වේගයක් දක්වා ගමන් කළ හැකි බවට දැඩි විශ්වාසයක් තිබෙනවා. තව ද විනිමය අනුපාතය ශක්තිමත් වුව ද, උද්ධමනය 70% සිට 5% දක්වා අඩු වූව ද, මිල අඩු වීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට ජනතාව විසින් මැසිවිලි නඟනවා. ඒ කලු කඩ මාෆියාව විසින් මිල පාලනයකට යටත් නොකිරීම නිසා මෙය සිදු වන බව සඳහන් කල යුතුයි. වෙළඳ අමාත්‍යවරයා විසින් මෙම හේතුව පදනම් කර ගනිමින් ලබන සතියේ සිට තොග මිල ගණන් ජනතාව වෙත සති පතා දැනුම් දීමට කටයුතු කරන බවට තීන්දුවක් ගෙන තිබෙනවා. ඉන් පසු සිල්ලර මිල ගණන් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාගත හැකියි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ද අද වනවිට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය සති දෙකකට පෙර අවසන් කලා. මේ වන විට ඒ පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. එය තුන්වන වාරිකය ලබාගැනීම සඳහා අතිශයින් පිටිවහලක් බවට පත් වනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,582
Previous Post

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

Next Post

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධයට එ‍රෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම එලිදැක්වේ – සෞඛ්‍ය අමාත්‍යංශය

editor ttvnews

editor ttvnews

Next Post
ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධයට එ‍රෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම එලිදැක්වේ - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉරානය ‘නෑ’ කියද්දී ඊශ්‍රායලය ‘ඔව්’ කියයි

24 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

24 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

බොරැල්ලේ ‌වෙඩි තැබිමක්

24 June 2025
පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් පාලක මණ්ඩලයට සහභාගී වීමට අගමැතිනිය කැනඩාවට

24 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved