• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බව අනාවරණ වෙයි

11 July 2023
in දේශීය

වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම් කිහිපයක් EPF ගෙවීම පැහැර හැර ඇති බවත් හිග මුදල් විශාල ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති බවත් විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ඒ අනුව වතු ක්ෂේත්‍රයේ සමාගම් විසින් ගෙවන ලද මුදල් රුපියල් මිලියන 700ක පමණ ප්‍රමාණයක් පිළිබඳ ලබාදී ඇති තොරතුරුවල පරස්පරතා හේතුවෙන් ගිණුම්ගත කිරීමට නොහැකි වී ඇති බවත් කාරක සභාව හමුවේ හෙළි විය.

මෙම කරුණු සාකච්චා වූයේ පසුගිය ජුනි 22 වනදා විදේශ රැකියා සහ ශ්‍රමය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

සේවකයන්ව ආරක්ෂා කරමින් සේවක අර්ථසාධක අරමුදලට ගෙවීමට ඇති හිග මුදල් සහ වර්තමාන මාසික ගෙවීම් කටයුතු ක්‍රමානුකුලව සිදු කරගෙන යාමට කටයුතු කරන ලෙස කාරක සභාවේ සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා විසින් වැවිලි සමාගම් නියෝජිතයන්ට උපදෙස් දෙන ලදී.

එමෙන්ම ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ගිණුම් ආරම්භ කිරීම මගින් එකම පුද්ගලයෙකුට ගිණුම් කිහිපයක් තිබීමේ ගැටළු මගහරවා ගැනීමට හැකි බවත් ඒ සඳහා අවධානය යොමු කර ක්‍රියා කරන ලෙසත් කාරක සභාව නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.

මෙම රැස්වීම සඳහා එස්.එම් මරික්කාර්, ඉෂාක් රහුමාන්, මහින්දානන්ද අලුත්ගමගේ, වඩිවෙල් සුරේෂ්, වේලු කුමාර්, කේ. සුජිත් සංජය, එම්. උදයකුමාර්, වෛද්‍ය සීතා අරබේපොල, චන්දිම වීරක්කොඩි සහ තුෂාර ඉඳුනිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා, කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන්, මහබැංකුවේ සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වතු ක්ෂේත්‍රයේ වැවිලි සමාගම්වල නියෝජිතයින්ද සහභාගී විය.

Post Views: 15
Previous Post

ගංවතුර පාලනයට කොළඹ ඇළ වේළි හා වැව් ප්‍රතිසංස්කරණය කරයි

Next Post

ගෙවිය යුතු බදු දැනගන්න DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න

editor

editor

Next Post

ගෙවිය යුතු බදු දැනගන්න DFCC බැංකුවේ යාවත්කාලීන කරන ලද බදු ගණකය භාවිතා කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved