27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවේ දෛනික අවශ්‍යතාවට සරිලන රා නොමැති බව හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාව ලීටර් 160,000ක් පමණ වුව ද දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර් 45,000ක් ලෙස බව හෙලිව ඇත.

මෙම කරුනු අනාවරණ වී ඇත්තේ අද (19) මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරින් අතර සාකච්ඡාවේදිය.

එබැවින් මෙම හිග රා ප්‍රමාණය සැපයීම සඳහා ඇතැම් පුද්ගලයන් විවිධ නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද භාවිතා කරන බවයි එහි දී අනාවරණ විය. එසේම රාවල ද ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය අවධාරණය කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *