27 April 2024
#දේශීය

සර්ව පාක්ෂික රජයකට සහය ලබාදීම ප්‍රගතිශීලි සැමගේ වගකීමයි – මන්ත්‍රී ජගත්

ජනතා ගැටලු විසඳීමේ ප්‍රමුඛ අරමුණ පාදක කරගනිමින් වර්තමාන ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික රජයක් බිහි කිරීමට අපේක්ෂා කරන අතර එම සංකල්පය සාර්ථක කර ගැනීමට සියලු වාද භේද ඉවතලා සහය ලබාදීම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු සියලුදෙනාගේ ප්‍රමුඛ වගකීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, “ අපි රටක් විදිහට මේ රටේ ඉන්න ජනතාව විශාල අපහසුතාවයකට ලක්වී ඇති බව වෙළඳපොළට ගියාම සහ භාණ්ඩ මිල ඉහළ යෑම තුළින් පෙනෙනවා . ඒ් වගේම ජනතාව පොළිම්වල තමන්ගේ කාලය ගත කිරීම තුළින් විශාල අපහසුතාවයන්ට මුහුණ දෙනවා. ඒ් නිසා අපි දන්නවා ජනතාව අසිරුවෙන් ඉන්න බව. ඒ් වගේම විවිධ බලපෑම් හරහා රජයට විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. ඒ් නිසා අපි හැමෝම පවතින අර්බුදකාරි තත්වයෙන් රටක් විදිහට ගොඩයන්න කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ් සඳහා අපිට විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්, විවිධ පක්ෂ කිහිපයන්ගෙන් සහ රටේ ජනතාව යෝජනා කරලා තිබෙනවා. මේ සියල්ල යෝජනා විතරක් බවට පත් නොකර පවතින තත්වය කළමණාකරණය කරමින් රටේ ජනතාවට යහපත් රටක් හදන්න සියලු පක්ෂ කටයුතු කරන්න ඕන. එසේ නැතිව බොරදියේ මාළු බාමින් කටයුතු කිරීම තුළින් රටේ ජනතාව තවත් පිඩාවට පත් කිරීමක් සිදු කරන්නේ. ඒ් නිසා මේ අවස්ථාවේ පක්ෂ නායකයින්ට, ජාතික නායකයින්ට, අපි හැමෝටම වගකීමක් ති‌යෙනවා රටේ ජනතාව දුකින් මුදවා ගෙන ඔවුන්ට සහන ලබාදීමයි අවශ්‍ය වන්නේ.

අපි කවුරුත් දන්නවා පසුගිය අවුරුදු 02 ක 2 ½ ක කාලයක් තුළ ඩොලර් එන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් ඇනහිටියා. සංචාරක කර්මාන්තය, විදේශ විනිමය නැති වුණා. ඒ වගේම කොරෝනා සහ විවිධ ආපදා නිසා නිෂ්පාදනයන් ටික සිදු කරගන්න බැරි වුණා. ඒ නිසා යම් පාඩුවීම්වලට ලක් වුණා. මේ තත්වය තුළ ගෙවීම් සහ වියදම් වැඩි වුණා. එක් පැත්තකින් කොරෝනාව නිසා රෝගීන්ට බෙහෙත් ගේන්න සිදු වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගේන්න වියදම් දැරුවා. අපිට ලැබෙමින් තිබුණා විශාල ඩොලර් ප්‍රමාණයක් ලැබුණේ නෑ. ඒ නිසා ඩොලර් හිඟයක් ඇතිවෙලා අපි ලොකු අර්බුදයකට මුහුණදිලා තිබෙනවා. ඒ අර්බුදය තුළ යම් වගකීමක් දරන්න නම් පක්ෂ පාඨ භේදයකින් තොරව කටයුතු කරන්න ඕන. ඒ නිසා ආදරණිය ජනතාවගෙන් සහ සියලු පක්ෂවලින් ඉල්ලා සිටින්නේ අපි හැමෝම එකතුවෙලා යම් කාලයකට හෝ මේ ආණ්ඩුවට කටයුතු කරන්න සහයෝගය ලබා දෙන්න.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ ජාතික මට්ටමේ සියලු පක්ෂවලට එකඟවෙන්න පුළුවන් ආණ්ඩුවක් හදාගෙන ඉස්සරහට යාවි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කාර්යයේදී ඕනෑම කැපකිරිමක් කරලා රට ගොඩගන්න දායකවෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අනෙකුත් සියලු පක්ෂවලට ආරාධනා කරනවා තමන්ගේ නායකයා ජනාධිපති, අගමැති වෙනකන් ඉන්නේ නැතිව හැමෝම එකතුවෙලා එක මතයකට ඇවිත් මේ රට ගොඩගෙන අපේ ආදරණිය ජනතාවට හොඳින් ජිවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න උදව් කරන්න කියලා. යම් මට්ටමකට අද රජය ගත්ත තීන්දු නිසා ගෑස් පෝළිම්, කිරිපිට පෝළිම් යම් ප්‍රමාණයකට නැතිවෙලා තිබෙනවා. ඒ වගේම QR System එකට ගිය නිසා තෙල් බෙදා හැරීම යම් ප්‍රමාණයකට සාර්ථකවෙලා තිබෙනවා. ඒ වගේම එදිනෙදා ජිවත්වෙන පිරිසක් ලෙස කටයුතු කරන ත්‍රී විල් වලට තව ටිකක් තෙල් ලබාදීමේ සහනය ලබාදීලා ඉදිරියට යන්න ඕන. අපි හැමෝම සාමකාමී වි, එකතුවෙලා කටයුතු කරමු කියලා ආරාධනා කරනවා. ”යනුවෙන් මෙහිදි මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *