27 April 2024
#ක්‍රීඩා

අපි අරිනවාට වඩා ඔයාලා ඇරගන්න එක හොඳයි

බදු ගෙවන ආදායමක් ලබන සෑම පුද්ගලයෙකුම තමන්ගේ බදු නිසි ලෙස සිදු කළ යුතු බව දේශීය ආදයම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින්.

වාහනයක් නඩත්තු කළ හැකි මෙන්ම විදේශ සංචාරවල නියලෙන සෑම පුද්ගලයෙක්ම ආදායම් බදු ගෙවිය යුතු බව හෙතෙම පැවසිය.

බදු ගෙවිය යුතු වාහනයක් නඩත්තු කරන හැම පුද්ගලයෙක්ම බදු ගෙවිය යුතු ආදායමක් ඇති අයෙක් බව හැදින් විය හැකි බව ඔහු පවසයි.

මේ අතර ලංකාවේ බෝහෝ පිරිසක් හැම නිවාඩුවකදී විදේශගත වන බවත් එලෙස විදේශගතවන පිරිසද බදු බදු ගෙවිය යුතු පිරිසක් ලෙසද හදුන් වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගීන් මේවන විට ක්‍රියාත්මක කර ඇති විමර්ශන වලට අදාළව බදු නොගෙවන පුද්ගලයින් සම්බන්ධයෙන් ෆයිල් විවෘත කිරීමට පෙර තමන්ගේ යුතුකමක් වශයෙන් බදු ගෙවීම් කටයුතු සිදු කළ යුතු වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *