27 April 2024
#දේශීය

ගෑස් ලැබුණත් යථාතත්ත්වයට පත් කරන්න දින 20 ගත වෙනවා – ඇමැති කාංචන

ගෑස් ගෙන්වීම සඳහා නෞකා දෙකකට මුදල් ගෙවා ඇති බව බලශක්ති අමාත්‍ය කාංචනා විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ අද (18) පාර්ලිමේන්තුවේදී ගෑස් සම්බන්‌ධයෙන් විපක්ෂය විසින් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එක් නෞකාවක් වරායට පැමිණ ඇති නමුත් මුහුදේ ඇති ස්වාභාවය නිසා එම කටයුත්ත අසීරු වී ඇති අතර බවයි.

එහෙයින් හෙට අද උදෑසන සිට එහි නිෂ්පාදන කටයුතු ලිට්රෝ සමාගම විසින් සිදු කරන හෙයින් ගෑස් ගැනීම සඳහා පෝලිම්වල රැදී නොසිටන ලෙස අමාත්‍යවරයා දැනුම් දීමක් කරයි.

එමෙන්ම ගෑස් 80,000 ක් පමණක් දෛනිකව සිදු කිරීමට හැකියාව ඇති අතර අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 40,000 ක් ඇති බව අමාත්‍යවරයා අනාවරණ කලේය.

දැනට මිලියන 04 ක් හිස් වු ගෑස් සිලින්ඩර් ඇති අතර ගෑස් අවශ්‍යතාවය සපුරා ගැනීමට දින 20 ක වැනි කාලයක් ගත වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණ කලේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *