මල්වානේ පිහිටි ආන්දෝලනාත්මක නිවස සහ අක්කර 15ක පමණ ඉඩම විශ්වවිද්‍යාලයක පොදු අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (IUSF) රජයෙන් ඉල්ලීමක් කර තිබේ.අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් ඊයේ (14) දින මල්වානේ පිහිටි අදාළ නිවසට ඇතුළු වී එහි උද්ඝෝෂණයක නිරත වූහ.අදාළ දේපළ විශ්වවිද්‍යාල නේවාසිකාගාර හෝ වෙනත් පොදු අවශ්‍යතා වෙනුවෙන් පවරා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිත පිරිසක් අද (15) දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණියහ.














