ශ්‍රී ලංකාවේ උපන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී අයිවන් පීරිස්ගේ ‘The Well’ නමැති සිතුවම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ක්‍රිස්ටීස් වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් 640,000කට අලෙවි වී තිබෙනවා.
1957 වසරේදී නිර්මාණය කළ මෙම තෙල් සිතුවම වෙන්දේසියට පෙර ඇමෙරිකානු ඩොලර් 70,000ත් 100,000ත් අතර මිලකට ඇස්තමේන්තු කර තිබුණා. මෙම අලෙවිය ශ්‍රී ලංකාවේ උපන් චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම මිල ලෙස නව වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා.
‘The Well’ සිතුවම 1958 වැනිස් බියෙනාලේ ප්‍රදර්ශනයටද ඉදිරිපත් කර ඇති අතර, ග්‍රාමීය ශ්‍රී ලාංකික වෙරළබඩ පරිසරයක් සහ ගම්මානයක ළිඳක් කේන්ද්‍ර කරගත් දර්ශනයක් එහි නිරූපණය වනවා. අයිවන් පීරිස් 43 කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වන අතර ඔහු 1921දී උපත ලබා 1988දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.













