සමාජවාදී තරුණ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කරනු ලබන ‘Youth Summit’ වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ සමුළුව ඊයේ (08) දින ජා ඇල Golden Crown උත්සව ශාලාවේදී පවත්වන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා සමාජවාදී තරුණ සංගමයේ දිස්ත්‍රික් කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ජා ඇළ ආසන සංවිධායක ස්ටෙෆ්නි ප්‍රනාන්දු, ජා ඇල නගර සභාවේ සභාපති රොශාන් නෝනිස් සහ ජා ඇල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසාද් නිරෝශන් යන මහත්වරුන් ඇතුළු ජා ඇල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














