ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ සිව්වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් පිල පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 130ක් පමණි. එහිදී පවන් රත්නායක ලකුණු 27ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 23ක් රැස් කළහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජැෆ්නා වෙනුවෙන් ට්‍රවීන් මැතිව් ලකුණු 19කට කඩුලු 3ක්, ලිසාඩ් විලියම්ස් ලකුණු 14කට කඩුලු 3ක් සහ ශකීබ් අල් හසන් ලකුණු 12කට කඩුලු 2ක් බිඳහෙළමින් දඹුල්ල ඉනිම සුන් කර දැමූහ.
ලකුණු 131ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 133ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළේය. මෙහිදී නායක භානුක රාජපක්ෂ විශිෂ්ට නොදැවුණු අර්ධ ශතකයක් (ලකුණු 61ක්) වාර්තා කරමින් ජැෆ්නා ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාව ඉටු කළ අතර, ඉබ්‍රාහිම් සද්රාන් ලකුණු 21ක් එක් කළේය. දඹුල්ල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර කඩුලු 2ක් දවා ගත්තේය.














