ඇල්ල, කිතල්ඇල්ල ප්රදේශයේ පිහිටි රාවණා දිය ඇල්ල නැරඹීමට පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණියක් අද (24) සවස දිය ඇල්ලෙන් පහළට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි වැලන්ටිනා නමැති නෙදර්ලන්ත ජාතික තරුණියක් බවයි වාර්තා වන්නේ.
විදෙස් ජාතික තරුණියන් දෙදෙනෙකු රාවණා දිය ඇල්ල නැරඹීමට ගිය අවස්ථාවේදී ඉන් එක් තරුණියක් පය ලිස්සා අඩි 100ක් පමණ පහළට ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පසුව ප්රදේශවාසීන් විසින් ඇය ගොඩගෙන රෝහල්ගත කර තිබුණද, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.















