යාපනයේ පණ්ඩතරිප්පු ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර ගිනිකෙළි සඳහා භාවිත කළ රතිඤ්ඤාවලින් නිකුත් වූ දුම සහ ලේසර් කිරණ හේතුවෙන් ඇස්වලට හානි වූ පුද්ගලයින් 150කට ආසන්න පිරිසක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තංගමුත්තු සත්‍යමූර්ති මහතා සඳහන් කළේ, රෝහල්ගත කළ පිරිස අතරින් 40 දෙනෙකු පමණ කුඩා දරුවන් වන බවයි. පීඩාවට පත්වූවන් සඳහා මේ වනවිට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතින අතර, කිසිදු පුද්ගලයෙකුට බරපතළ හෝ ස්ථිර මට්ටමේ විශාල අක්ෂි හානියක් සිදුව නොමැති බවද හෙතෙම වැඩිදුරටත් තහවුරු කළේය.














