නීති විරෝධී ක්‍රියා මගින් උපයාගත් බවට හඳුනාගත් දේපළ කිහිපයක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තහනම් කිරීමට යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය පියවර ගෙන ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ පසුගිය 2026 පෙබරවාරි 26 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාපනය, අරියාලය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකුගේ ආදායම් සහ දේපළ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
අදාළ සැකකරු විසින් නීති විරෝධී ලෙස උපයාගත් බවට තහවුරු වූ පහත සඳහන් දේපළ මෙසේ තහනමට ලක් කර තිබේ:
රුපියල් 695,950ක් වටිනා ඩිංගි බෝට්ටුව සහ එහි එන්ජිම.
රුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා යතුරුපැදි දෙකක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















