යාපනය, පණ්ඩතරිප්පු ප්‍රදේශයේ පැවැති කෝවිල් උත්සවයක් අතරතුර සිදු වූ අනතුරුදායක ගිනිකෙළි සංදර්ශනයට සහ ලේසර් ආලෝක භාවිතයට සම්බන්ධ ආයතනයේ හිමිකරු ලබන සැප්තැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
නරඹමින් සිටි කුඩා දරුවන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 100කට අධික පිරිසකගේ ඇස්වලට දැඩි හානි සිදුවී රෝහල්ගත කෙරුණු අතර, ඉන් පුද්ගලයින් 21 දෙනෙකු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පවතියි.
මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ මහජන ආරක්ෂාව සහ ආරක්ෂක නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.















