ජීවිතය ගැන කලකිරී සිරුරුවලට ගිනි තබාගත් යාපනයේ නිවුන් සොහොයුරියන් දෙදෙනකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.යාපනයේ චුන්නාකම් පුන්නලායීකඩ්ඩුවාන් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියන් දෙදෙනකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක ඔවුන් දෙදෙනා තම සිරුරුවලට ගිනි තබාගෙන ඇති අතර, ගින්නෙන් ඇති වූ වේදනාව නිසා ඔවුන් කෑගැසීමෙන් පසු අවට පිරිසක් පැමිණ ඔවුන් තෙලිප්පලෙයි රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබේ.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් ලබාගත් ප්‍රකාශවල දැක්වී ඇත්තේ ජීවිතය ගැන කලකිරී ඔවුන් මෙම කණගාටුදායක පියවර ගත් බවයි. මනීපායී පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














