ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සිදුවන විමර්ශන සඳහා තමන් පූර්ණ සහයෝගය ලබා දෙන බව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ අයිතිය හිමි IPG ආයතනය පවසයි.
තරගාවලියට සහභාගී වන සියලුම කණ්ඩායම් හිමිකරුවන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ එක්ව සිදු කළ දැඩි පසුබිම් පරීක්ෂාවන්ට සහ දූෂණ විරෝධී පරීක්ෂණවලට ලක්ව අනුමැතිය ලබා ගත් අය බව එම ආයතනය අවධාරණය කරයි.
තරගාවලියේ අඛණ්ඩතාව සහ විනිවිදභාවය සුරැකීම වෙනුවෙන් දූෂිත ක්‍රියාවන්ට එරෙහිව තමන් ශුන්‍ය ඉවසීමේ (Zero-tolerance) ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පවතින විමර්ශන අවසන් වන තුරු වැඩිදුර අදහස් දැක්වීමක් සිදු නොකරන බවත් IPG පවසයි. එමෙන්ම, මෙම සිදුවීම හේතුවෙන් තරගාවලියේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවත්, නියමිත පරිදි තරගාවලිය පැවැත්වෙන බවත් ඔවුහු සහතික වෙති.














