පාර්‌ලිමේන්තුවේ උසස් තනතුරු පිළිබඳ කාරක සභාව විසින් නව තානාපතිවරයෙකු, මහ කොමසාරිස්වරයෙකු සහ රාජ්‍ය ආයතනයක සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව පාර්‌ලිමේන්තු තොරතුරු තහවුරු කරයි.
ඒ අනුව, අනූල් බානු ජාන් මහත්මිය ශ්‍රී ලංකාවේ පිලිපීන ජනරජයේ නව තානාපතිවරිය ලෙසත්, චන්දන රෝහණ කුමාර අඹගොල්ල මහතා කැනඩාවේ නව මහ කොමසාරිස්වරයා ලෙසත් පත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.
මීට අමතරව, නුසිත් කුමාරතුංග මහතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමටද කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.















