පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබෙනවා.
එමෙන්ම, මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාගෙන් ද අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාරියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය කඩිනමින් ලබාගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවටයි ජානකී සිරිවර්ධන මහත්මියට චෝදනා එල්ල වී ඇත්තේ. එම මුදල අවස්ථා තුනකදී ලබාදී ඇති බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















