ශ්රී ලංකාව තුළ වසර 65ක ගමන්මඟ සනිටුහන් කරන කොකා-කෝලා සන්නාමය, Calin Popular Awards 2026 සහ SLIM DIGIS 2.6 සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්ව තිබෙනවා.
Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්රියම පානීය සන්නාමය’ ලෙස Coca-Cola Beverages Sri Lanka සම්මානයට පාත්ර වී ඇති අතර, SLIM DIGIS 2.6 සම්මාන උළෙලේදී ‘Real Magic’ වැඩසටහනට ‘Best Use of Experiential & On-Ground Digital Amplification’ සම්මානය හිමිව තිබෙනවා.
මෙම ඇගයීම් හිමිවන්නේ කොකා-කෝලා සන්නාමය ශ්රී ලංකාව තුළ වසර 65ක් සපුරන සුවිශේෂී වසරකදී වීම විශේෂත්වයක්. පරම්පරා ගණනාවක් පුරා ශ්රී ලාංකික පවුල්වල එකතුවීම්, සැමරුම්, ආහාර වේල් සහ දෛනික අවස්ථා සමඟ බැඳී පවතින සන්නාමයේ මෙම ගමන්මඟ, ‘Thank You for Always Picking Coca-Cola’ යන සංවත්සර වැඩසටහන ඔස්සේ ද සිහිපත් කෙරෙනවා.
මෙම සම්මාන පිළිබඳව අදහස් දක්වමින් ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා කොකා-කෝලා සමාගමේ රටේ ප්රධානී මාරියෝ පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ, පරම්පරා ගණනාවක් පුරා ශ්රී ලාංකිකයන් කොකා-කෝලා තෝරා ගැනීම සමාගමට විශාල විශ්වාසයක් බවත්, පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වන ආකාරය අඛණ්ඩව නවීකරණය කිරීම ද වැදගත් බවත්ය.
වසර 65ක ඉතිහාසයක් සමඟ පාරිභෝගිකයන්ගේ තේරීමක් ලෙස පවතින අතරම, නව පරම්පරාවන් සමඟ ස
















