ජනශක්ති රක්ෂණ සමාගම (Janashakthi Life) 2026 මූල්‍ය වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 2.6ක දළ ලිඛිත වාරික (GWP) ආදායමක් වාර්තා කරමින් 42%ක කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ද පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 17 සිට රුපියල් බිලියන 29 දක්වා 70%කින් ඉහළ ගොස් ඇති අතර, මෙය ආයෝජකයින් සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පිළිඹිබු කරන්නකි. එමෙන්ම සමාගමේ කොටස් මිල ද රුපියල් 73.6 සිට රුපියල් 127.7 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
සමාගමේ ශේෂ පත්‍රය තවදුරටත් ශක්තිමත් කරමින් මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 41ක් දක්වා වර්ධනය වී ඇති අතර, නව ව්‍යාපාර වර්ධනය ද 25%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි. එමෙන්ම ප්‍රතිපත්තිලාභීන් වෙනුවෙන් ගෙවා ඇති හිමිකම් සහ ප්‍රතිලාභ ප්‍රමාණය රුපියල් මිලියන 985.8කි. සභාපතිනී ඇනිකා සේනානායක සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ යන මහත්ම මහත්මීන් සඳහන් කළේ, විනයගරුක ක්‍රියාත්මක කිරීම්, ශක්තිමත් පාලනය සහ පාරිභෝගික කේන්ද්‍රීය උපාය මාර්ග හේතුවෙන් මෙම තිරසාර වර්ධනය අත්පත් කර ගැනීමට හැකි වූ බවයි.














