ගෝලීය ආහාර සේවා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Sysco සංස්ථාව 2026 මූල්‍ය වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20.5ක අලෙවි වාර්තාවක් තබමින් 4.7%ක වාර්ෂික වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. මෙම ගෝලීය සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම ශක්තියක් වන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි Sysco LABS නවෝත්පාදන මධ්‍යස්ථානයයි. ඩිජිටල් පරිවර්තනය සහ සැපයුම් දාම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා Sysco LABS ශ්‍රී ලංකා කණ්ඩායම නිපදවන උසස් තාක්ෂණික විසඳුම් මෙම වර්ධනයට සෘජුවම දායක වී ඇත.
කාර්තුව තුළ සමාගමේ දළ ලාභය 6.5%කින් වර්ධනය වී ඩොලර් බිලියන 3.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජාත්‍යන්තර ආහාර සේවා මෙහෙයුම්වලින් පමණක් 12.4%ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා වේ. විශේෂයෙන්ම පසුගිය වසර තුනක කාලය තුළ වාර්තා වූ ඉහළම දේශීය වෙළඳ පරිමාව (Case volume) මෙම කාර්තුව තුළ සනිටුහන් වීම සුවිශේෂී වේ.
Sysco LABS ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ තුෂේර කව්ඩවත්ත මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ තාක්ෂණික ශිල්පීන්ගේ දායකත්වය Sysco හි ‘Recipe for Growth’ උපායමාර්ගයට මහඟු බලපෑමක් කරන බවයි. ඩිජිටල් ඇණවුම් පද්ධති, ගබඩා කළමනාකරණ මෘදුකාංග සහ බුද්ධිමත් මිල නියම කිරීමේ පද්ධති හරහා Sysco ලොව පුරා පාරිභෝගික ස්ථාන 730,000කට වඩා කාර්යක්ෂමව සේවය කරයි. මීට අමතරව, Jetro Restaurant Depot ආයතනය අත්පත් කර ගැනීමට සැලසුම් කිරීම හරහා Sysco සිය ගෝලීය ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.














