ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සංවිධායකයින් සමාව ඉල්ලා තිබේ. සංවිධායක කමිටුවේ ප්‍රධාන නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් 2,000කට ආසන්න අතිරේක පිරිසක් අවසන් මොහොතේ පැමිණීම හේතුවෙන් සම්පත් හා ප්‍රවාහන කටයුතු මත අමතර පීඩනයක් ඇති වූ බවයි.
මේ අතර, තරගාවලියේදී චීනය රන් පදක්කම් 100 සීමාව පසුකරමින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ. චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිනුම්, වෙඩි තැබීම්, වූෂු සහ මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා රැසකින් රන් පදක්කම් දිනාගෙන ඇති අතර, තරගාවලියේ මුල් අදියරේ සිටම චීනය පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටී.
ජපානයද සත්කාරක රට ලෙස පදක්කම් සටහනේ සිය දස්කම් ඉහළ නංවාගෙන ඇති අතර, 2022 හංෂෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගත් රන් පදක්කම් 52 ඉක්මවා යාමට හැකි තත්ත්වයක පසුවන බව Reuters වාර්තා කරයි. එමෙන්ම වයස අවුරුදු 11ක් වන ජපාන ක්‍රීඩක Yuki Kurihara ඊ-ක්‍රීඩා තරගයක රන් පදක්කමක් දිනාගැනීමද තරගාවලියේ අවධානය දිනාගත් සිදුවීමක් වී තිබේ.
මේ අතර, ඉන්දියාව කබඩි ඉසව් දෙකේම රන් පදක්කම් දිනාගෙන තිබේ. Aichi-Nagoya 2026 ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 4 දක්වා ජපානයේදී පැවැත්වෙයි.
















