ජපානයේ නිරිතදිග ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ජපාන අග්‍රාමාත්‍ය සනා ටකායිචි පවසයි.
කියුෂු දූපතේ කුමමොටෝ ප්‍රාන්තයට රිච්ටර් පරිමාණයේ 6.8ක ප්‍රබලතාවකින් යුතුව බලපෑ මෙම භූමිකම්පාවෙන් අනතුරට පත් වූවන් සහ ජීවතුන් අතර සිටින අය සෙවීමේ සහන සේවා මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.














