• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක්

31 May 2026
in දේශීය, පුවත්
දිට්වා සුළිසුළඟින් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවරයින්ගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා ජපාන රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ලබා දී තිබේ.
මෙම ගිවිසුම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29 වන දින කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී අත්සන් තැබිණි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් යන මහත්වරුන් විසින් ගිවිසුමට අත්සන් තබා ඇත. නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කිරීමට නියමිතය. ඊට අමතරව, අදාළ ජලාශ සඳහා අවශ්‍ය Barrage nets පද්ධති ලබා දීම සහ ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනයට අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය සැපයීමට බලාපොරොත්තු වේ. ධීවර සමිති සහ නියෝජිතයින් සඳහා මත්ස්‍ය කූඩු සම්බන්ධ තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් හා මත්ස්‍ය ආහාර නොමිලේ ලබා දීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.
Post Views: 0
Previous Post

චීනයේ හමුදා වර්ධනය මධ්‍යයේ ඉන්දු-පැසිෆික් කලාපීය රටවල් ආරක්ෂක සබඳතා ශක්තිමත් කරයි

Next Post

අරගලයකින් ඉඩම් අයිතිය දිනාගත්තා නියෝජ්‍ය ඇමති නලින් හේවගේ

Editor TTV News

Editor TTV News

Next Post
අරගලයකින්  ඉඩම් අයිතිය දිනාගත්තා නියෝජ්‍ය ඇමති නලින් හේවගේ

අරගලයකින් ඉඩම් අයිතිය දිනාගත්තා නියෝජ්‍ය ඇමති නලින් හේවගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved