උතුරු සහ නැගෙනහිර පළාත්වල බිම් බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය මෙහෙයුම් සඳහා ජපාන රජය විසින් රුපියල් මිලියන 400ක මුදල් ප්‍රදානයක් ලබා දී තිබේ. යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට සහ සමාජ ආර්ථික සංවර්ධනය උදා කිරීමට ජපානය සැමවිටම කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම ප්‍රදානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදු වූ අතර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා මහතා සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත රාජ්‍ය නොවන සංවිධාන තුනක ප්‍රධානීන් ඊට එක්විය. මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග මීටර හාරලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කිරීමට නියමිතව තිබේ.
2002 වසරේ සිට මේ දක්වා බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ජපානය ලබා දී ඇති මුදල් ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 49 ඉක්මවා ඇත.














